ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
BBC News, සිංහල - ප්රධාන පුවත්
ප්රධාන පුවත
කොළඹ වරායේ ඩොලර් මිලියන 390ක ලොජිස්ටික් ව්යාපෘතියෙන් චීන සමාගමක් ඉවත් වුණේ ඇයි?
"මේ ප්රොජෙක්ට් එක 2023 වෝට් කරලා තියෙන්නේ. හැබැයි 2023 දී එයාලා ඒකට වෝට් කරාට එතනින් එහාට කිසිම දෙයක් කරලා තිබුණේ නැහැ. ලොජිස්ටික්ස් හබ් එකේ වැඩ කටයුතු ඉස්සරහට ගෙනියන්නේ නැති නිසා. මේකට මුදල් යොදවන්න මේ චීන සමාගමයි, ඇක්සස් ඉංජිනේරින් එකයි, ඊට පස්සේ ශ්රී ලංකා වරාය අධිකාරියයි.
පල්ලියක් තුළ 'අශෝභන ක්රියාවක්' කළැයි බංග්ලාදේශ යුවළක් සෞදියේදී මරා දැමෙති
සෞදි අභ්යන්තර කටයුතු අමාත්යාංශයට අනුව, පල්ලියක් තුළ "අශෝභන ක්රියාවක්" සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ බංග්ලාදේශ ජාතික පිරිමියෙකු සහ කාන්තාවක පසුගිය බදාදා මරණ දණ්ඩනයට ලක් කර තිබේ. අදාළ වරදකාරී ක්රියාව කුමක් ද යන්න පිළිබඳව එම අමාත්යාංශය පැහැදිලි තොරතුරු ලබා දී නොමැත. මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීම සඳහා සෞදි අරාබි රජය සම්බන්ධ කර ගත් බව බංග්ලාදේශය පවසයි.
කාවන්තිස්ස ඇතාගේ 'මරණයෙන්' පසු මෙතෙක් ඔබ දැනගත යුතු සියලු කරුණු
'කාවන්තිස්ස ඇතාට' වෙඩි තැබීමේ සිද්ධියෙන් අත්අඩංගුවට ගත් නිපුණතා සංවර්ධන නිලධාරියා ඇතුළු සැකකරුවන් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු, සියලු අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්රියාමාර්ග ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.
අඟහරුගේ සඳෙන් පස් ග්රෑම් 10ක් රැගෙන එන්නට ජපානයෙන් ඓතිහාසික මෙහෙයුමක්
අඟහරුගේ චන්ද්රයාගෙන් දූවිලි සාම්පල ග්රෑම් 10ක් පෘථිවියට රැගෙන ඒමේ විශාල ඉලක්කයක් සහිත මෙහෙයුමක් සඳහා මෙම යානය අභ්යවකාශ ගත කෙරිණි.
ශ්රී ලංකා විදේශ සේවයට එක්වීමට අවස්ථාවක්: වයස් සීමාව, සුදුසුකම්, විභාග තොරතුරු ඇතුළු සියල්ල මෙන්න
ශ්රී ලංකා විදේශ සේවයේ III වැනි ශ්රේණියට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කර තිබේ. රාජ්ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි විදේශ රැකියා සහ සංචාරක අමාත්යංශය විසින් මෙම සංශෝධනයන් විදේශ රැකියා සහ සංචාරක අමාත්යංශය විසින් සිදු කරනු ලැබ තිබේ.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්ය ද?
අවම ඩේටා ප්රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
Elephant X: සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ශ්රී ලංකාවේ අලියා
2025 පෙබරවාරි 19 වන දා රාත්රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙක් මිය ගියහ. නැවත මෙවැනි සිදුවීම් සිදුවීම් ඇති නොවීමට අදාළව ගත යුතු පියවර ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් 'X' නැමති අලියෙකු අදාළ පෙත්සමේ දෙවන පෙත්සම්කරු බවට පත්කර තිබේ.
ශ්රී ලංකා ආර්ථිකය වැදගත් කඩඉමක් පසුකරයි: මීළඟ පිබිදීමට ලෝක බැංකුව කර ඇති යෝජනා මොනවා ද?
ශ්රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින්, සුවිශේෂී කඩඉමකට පැමිණ ඇතැයි, ලෝක බැංකුව පවසයි. ශ්රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව, මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) මෙම වසරේදී 4.4% කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙය මීට පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යාමකි.
සිර දඬුවම් ලැබූ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ ඇයි? විවිධ රැඳවියන්ට හිමි ඇඳුම් මොනවා ද?
අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව ඔක්තෝබර් 05 වන දා සිරගත කළ එහිමියන් ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්රකාශයක් කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් සඳහා අද (ඔක්: 06) යළිත් අධිකරණය වෙත රැගෙන එන ලදී. සිර දඬුවම් ලබන ඥානසාර හිමි සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී අධිකරණය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.
ශ්රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් 'තවමත් බය' ඇයි? ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව හෙළි කරන හේතු
2025 වසරේදී ශ්රී ලංකාවට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1කට ආසන්න ප්රමාණයක් වන අතර මෙය නැගී එන ආර්ථික තුළ සාමාන්යයෙන් දක්නට ලැබෙන සියයට 3 සිට 4 දක්වා මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අවම අගයක් ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ශ්රී ලංකාව සඳහා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.
ඔස්ට්රේලියාවේ ශිෂ්ය වීසා නව නීති දැන් ක්රියාත්මක යි: අයැදුම් කිරීමට පෙර ඔබ දැනගත යුතු ම කරුණු
ශිෂ්ය වීසා වැඩසටහන සම්බන්ධයෙන් ඔස්ට්රේලියානු රජය සිදු කළ සැලකිය යුතු වෙනස්කම් 2026 ඔක්තෝබර් 02 දින සිට එනම්, පසුගිය සිකුරාදා දින සිට ක්රියාත්මක වේ. ඒ අනුව, එම දිනයට පසු ඉදිරිපත් කරන සියලු ම වීසා අයැදුම්පත් සඳහා නව නීති අදාළ වේ. මෙම ප්රතිසංස්කරණ හේතුවෙන් ශිෂ්ය වීසා අයදුම් කළ හැක්කේ කවදා ද?, එය ඉදිරිපත් කළ යුත්තේ කොහේ සිට ද?, සහ අයැදුම්පතට ඇතුළත් කළ හැකි පුද්ගලයින් කවුද?