සජීවී. , 2027 අයවැය අද පාර්ලිමේන්තුවට

2027 වසර සඳහා විසර්ජන පනත් කෙටුම්පත අද පස්වරු 1.30ට සාම්ප්‍රදායානුකූලව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත ය.

සාරාංශය

  • 2027 වසර සඳහා වන අයවැය අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
  • සාම්ප්‍රදායානුකූලව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අයවැය ඉදිරිපත් කරනු ඇත.
  • 2027 වසරේ එක් එක් අංශ සඳහා රජය වෙන් කිරීමට යෝජනා කරන මුදල් පිළිබඳ විස්තර අයවැය යෝජනාවලට ඇතුළත් වෙයි.

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

ආයුබෝවන්!

2027 වසර සඳහා වන රජයේ අයවැය යෝජනා, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (නොවැ. 12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ සම්බන්ධ නවතම තොරතුරු සහ පාර්ලිමේන්තුවේ සිදුවන දෑ පිළිබඳ සජීව තොරතුරු මෙම පිටුව ඔස්සේ ඔබට දැනගත හැකියි.