විලියම් සහ කේට්: පාකිස්තානයේදී ක්‍රිකට් ගැසූ බ්‍රිතාන්‍ය රාජකීය යුවළ

Duchess of Cambridge playing cricket
Published

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ කේම්බ්‍රිජ්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන විලියම් සහ කේට් යුවළ ඔවුන්ගේ පාකිස්තාන සංචාරයේ සිව් වන දිනයේදී ක්‍රිකට් ක්‍රීඩා කරමින් විනෝද වූහ.

ලාහෝර්හි පිහිටි පාකිස්තාන ජාතික ක්‍රිකට් ඇකඩමියේදී විලියම් කුමරු සහ කේට් කුමරිය පන්දුවට පහර දුන් අතර පසුව තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග කතාබහක ද නිරත වූහ.

විලියම් කුමරුගේ දෙමව්පියන්ගේ අඩිපාරේ යමින් ඔවුහු පාකිස්තානයේ දෙවන විශාලතම මුස්ලිම් දේවස්ථානය වන බද්ෂාහි මුස්ලිම් පල්ලිය ද නැරඹූහ.

වේල්සයේ කුමරිය, ඩයනා, 1991 වසරේදී එම පූජා භූමියට පැමිණියාය.

විලියම් කුමරුගේ පියා, වේල්සයේ කුමරු, 2006 වසරේදී සහභාගි වූ රාජකීය සංචාරයේදී කෝර්න්වෝල්හි ආදිපාදවරිය සමග එම දේවස්ථානය වෙත ගියේය.

PA MEDIA
ඡායාරූප ශීර්ෂ වැකිය, කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය පන්දුවට පහර දෙමින්
කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය පන්දුවට පහර දෙමින්
විලියම් කුමරු ද පිතිකරණයේ දක්ෂතා දැක්වීය.
ඡායාරූප ශීර්ෂ වැකිය, විලියම් කුමරු ද පිතිකරණයේ දක්ෂතා දැක්වීය
ආදිපාද යුවළ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග කතාබහක නිරත වෙමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, ආදිපාද යුවළ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග කතාබහක නිරත වෙමින්
බද්ෂාහි මුස්ලිම් දේවස්ථානය නැරඹීමට ද ඔවුහු අමතක නොකළහ.
ඡායාරූප ශීර්ෂ වැකිය, බද්ෂාහි මුස්ලිම් දේවස්ථානය නැරඹීමට ද ඔවුහු අමතක නොකළහ
ආදිපාදවරිය දේවස්ථානය නැරඹීමට ගියේ සල්වාර් ඇදුමකින් සැරසීමෙනි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ආදිපාදවරිය දේවස්ථානය නැරඹීමට ගියේ සල්වාර් ඇදුමකින් සැරසීමෙනි
ඔවුන් දේවස්ථානය තුළට පියනැගුවේ පාවහන් නොමැතිවය.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඔවුන් දේවස්ථානය තුළට පියනැගුවේ පාවහන් නොමැතිවය
ආදිපාද යුවළ ළමා නිවාසයක පැවති උපන් දින සැමරුමකට ද එක්වූහ.
ඡායාරූප ශීර්ෂ වැකිය, ආදිපාද යුවළ ළමා නිවාසයක පැවති උපන් දින සැමරුමකට ද එක්වූහ
ඔවුන් දෙදෙනා ලාහෝර්හි ෂවුකට් ඛානුම් පිළිකා රෝහලේ ද සංචාරයක නිරත වූහ.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඔවුන් දෙදෙනා ලාහෝර්හි ෂවුකට් ඛානුම් පිළිකා රෝහලේ ද සංචාරයක නිරත වූහ

තවදුරටත් කියවන්න: