BBC News, සිංහල - ප්රධාන පුවත්
ප්රධාන පුවත
නාමල් රාජපක්ෂගේ නීතිඥ අලි සබ්රි සහ අල්ලස් කොමිසමේ නිලධාරිනිය අතර අධිකරණයේදී වචන හුවමාරුවක්
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 03 වැනිදා ප්රකාශයට පත්කරන බව කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (ඔක්තොබර් 28 වැනිදා) නියම කළේය.
කාවන්තිස්ස ඇතාගේ මරණය: 'තේ කඩයක සිදුවූ කතාවක් සාක්ෂියක් වුණේ කොහොම ද?' නීතිඥවරයා ප්රශ්න කරයි
කාවන්තිස්ස දළ ඇතාගේ මරණයට හේතුව ලෙස බලපා ඇත්තේ වෙඩි තැබීමක්ද, නොඑසේ නම් අධික ප්රතිජීවක ඖෂධ ලබාදීමද යන්න පිළිබඳව විද්යාත්මක වාර්තාවක් ඊට අදාළ විශේෂඥයන් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද වනජීවී නිලධාරීන්ට මහේස්ත්රාත්වරිය නියෝග කළා ය. මෙම සිද්ධියට සම්බන්ධ බව දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් මෙම අපරාධයට සම්බන්ධ වී ඇත්නම් ඒ කෙසේ ද යන්න පිළිබඳව සාක්ෂි සහිතව ඊළඟ නඩු දිනයේදී වාර්තාවක් මගින් දැනුම් දෙන ලෙසට ද වනජීවී නිලධාරීන්ට නියෝග කෙරිණි.
ඔබත් ගුවන් සේවයක කාර්ය මණ්ඩලයට එක් වීමට සිහින දකිනවා ද? ඊට අවශ්ය සුදුසුකම් මෙන්න
ගුවන් සේවාවක, ගුවන් සේවිකාවක හෝ ගුවන් සේවකයෙකු ලෙස සේවය කිරීමට වර්තමානයේ බොහෝ තරුණ පිරිස් උනන්දුවක් දක්වති. ඒ හරහා බොහෝ රටවල්වල නොමිලේ ම සංචාරය කළ හැකි වීම මෙන් ම, ආකර්ෂණීය වැටුප් සහ වෙනත් ප්රතිලාභ ද හිමි වීම ඊට හේතු වී තිබේ. ශ්රී ලාංකිකයන්ට ශ්රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන SriLankan ගුවන් සේවයට මෙන් ම ශ්රී ලාංකිකයන් බඳවා ගන්නා තවත් විදේශීය ගුවන් සේවාවන් කිහිපයකට ම අයැදුම් කිරීමේ හැකියාව පවතී.
දිට්වා සුළි කුණාටුවෙන් දැඩි හානි සිදුවීමට බලපෑ හේතු මොනවා ද? මානව හිමිකම් කොමිසම නිර්දේශ නිකුත් කරයි
මීට වසරකට පමණ පෙර ජීවිත හා දේපළ විනාශ කරමින් මෙරට සිදුවූ විශාලතම ස්වාභාවික ව්යසනයක් ලෙස සැලකෙන දිට්වා සුළි කුණාටුවෙන් පසුව රාජ්ය ආයතන හා බලධාරීන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කර තිබූ පැමිණිලිවලට අදාළ නිර්දේශ නිකුත් කර තිබේ.
එයාර් බස් අල්ලස් සිද්ධිය: නාමල් රාජපක්ෂට ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් නියෝගය
එයාර්බස් අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂව නොවැම්බර් මස 19 වැනිදා බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (ඔක්තෝබර් 28 වැනිදා) නියම කළේය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්ය ද?
අවම ඩේටා ප්රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ශ්රී ලංකාවේ අලි-මිනිස් ගැටුම: සංඛ්යා දත්ත ඇසුරෙන්
කාලයත් සමග වන වැස්ම අඩු වීම, කැලෑ එළි කිරීම් නිසා සතුන්ගේ නිජ භූමි අහිමි වීම සහ ඒවායේ වගා කටයුතු සිදු කිරීම, අවිධිමත් සංවර්ධන කටයුතු, මෙම සතුන් ජීවත් වන ප්රදේශ ආශ්රිතව මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදි කිරීම වැනි විවිධ හේතු මෙම අලි මිනිස් ගැටුම ඉහළ යාමට බලපා තිබේ.
Elephant X: සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ශ්රී ලංකාවේ අලියා
2025 පෙබරවාරි 19 වන දා රාත්රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙක් මිය ගියහ. නැවත මෙවැනි සිදුවීම් සිදුවීම් ඇති නොවීමට අදාළව ගත යුතු පියවර ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් 'X' නැමති අලියෙකු අදාළ පෙත්සමේ දෙවන පෙත්සම්කරු බවට පත්කර තිබේ.
ශ්රී ලංකා ආර්ථිකය වැදගත් කඩඉමක් පසුකරයි: මීළඟ පිබිදීමට ලෝක බැංකුව කර ඇති යෝජනා මොනවා ද?
ශ්රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින්, සුවිශේෂී කඩඉමකට පැමිණ ඇතැයි, ලෝක බැංකුව පවසයි. ශ්රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව, මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) මෙම වසරේදී 4.4% කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙය මීට පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යාමකි.
සිර දඬුවම් ලැබූ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ ඇයි? විවිධ රැඳවියන්ට හිමි ඇඳුම් මොනවා ද?
අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව ඔක්තෝබර් 05 වන දා සිරගත කළ එහිමියන් ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්රකාශයක් කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් සඳහා අද (ඔක්: 06) යළිත් අධිකරණය වෙත රැගෙන එන ලදී. සිර දඬුවම් ලබන ඥානසාර හිමි සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී අධිකරණය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.
ශ්රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් 'තවමත් බය' ඇයි? ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව හෙළි කරන හේතු
2025 වසරේදී ශ්රී ලංකාවට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1කට ආසන්න ප්රමාණයක් වන අතර මෙය නැගී එන ආර්ථික තුළ සාමාන්යයෙන් දක්නට ලැබෙන සියයට 3 සිට 4 දක්වා මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අවම අගයක් ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ශ්රී ලංකාව සඳහා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.



















































