2026 වසරේ ලොව හොඳ ම අඩු වියදම් ගුවන් සේවාවන් 5ක්: ඒවා එතරම් හොඳ ඇයි?

    • Author, බේලි බර්ග්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

පුළුල් ආසන සහ පාද තැබීමට ඇති වැඩි ඉඩකඩක සිට වඩා හොඳ ආහාර සහ සේවාවන් දක්වා, Skytrax ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් අනුව ලොව හොඳ ම අඩි වියදම් ගුවන් සේවා 05 හඳුනා ගැනීමට බලපා ඇති හේතු මෙහි දැක්වේ.

Economy පන්තියේ ගුවන් ගමනක පැය අටක් ගත වන විට, ආසනයේ පළල සාමාන්‍ය ප්‍රමාණයට වඩා අමතර අඟලක් ලැබීම, පේළි අතර වැඩි ඉඩක් තිබීම, වඩාත් සුවපහසු ලෙස නිර්මාණය කර ඇති හිස තැබීමේ ආධාරකයක් තිබීම, නැතහොත් බීම ටින් එක තැබීමට වෙන ම ස්ථානයක් තිබීම වැනි කුඩා වෙනස්කම්වලින් පවා පුදුමසහගත ලෙස විශාල වෙනසක් ඇති කළ හැකි ය.

ගුවන් යානයේ පිටුපස අසුන්වල ගමන් කිරීම යන්නෙන් අවහිර වූ ආසන, සාමාන්‍ය මට්ටමේ ආහාර සහ සුවපහසුවක් ලබා ගැනීමට උත්සහ කරමින් ගත කරන පැය ගණන අදහස් කළ හැකි විට මූලික අවශ්‍යතා සුදුසු පරිදි ලබා ගත හැකි ගුවන් සේවාවල සංසන්දනාත්මක වෙනස අත්විඳිය හැක.

2026 Skytrax ලෝක ගුවන් සේවා සම්මාන උළෙලේදී, සිංගප්පූරු ගුවන් සේවය ලොව හොඳ ම economy පන්තියේ ගුවන් සේවය ලෙස නම් කෙරුණු අතර කැතේ පැසිෆික්, කටාර් එයාර්වේස්, ඊවීඒ එයාර් සහ ඒඑන්ඒ ඕල් නිපොන් එයාර්වේස් සෙසු ගුවන් සේවාවන් ය. සම්මාන පදනම් වී ඇත්තේ, Skytraxහි වාර්ෂික මගී තෘප්තිමත්භාවය පිළිබඳ සමීක්ෂණය මත වන අතර, එය මගීන්ගෙන් ගුවන් තොටුපළ සහ ගුවන් යානය තුළදී ලැබෙන අත්දැකීම් සම්බන්ධයෙන් ගුවන් සමාගම් ශ්‍රේණිගත කරන්නැයි මගීන්ගෙන් ඉල්ලා සිටියි.

2026 සඳහා Skytrax දක්වන පරිදි හොඳ ම පිරිමැසුම් පන්තියේ ගුවන් සේවා 10

  • සිංගප්පූරු ගුවන් සේවය
  • කැතේ පැසිෆික් ගුවන් සේවය
  • කටාර් ගුවන් සේවය
  • EVA ගුවන් සේවය
  • ඕල් නිපොන් ගුවන් සේවය
  • ජපාන ගුවන් සේවය
  • හයිනාන් ගුවන් සේවය
  • තුර්කි ගුවන් සේවය
  • ස්ටාර්ලක්ස් ගුවන් සේවය
  • ඩෙල්ටා ගුවන් සේවය

1. සිංගප්පූරු ගුවන් සේවය (Singapore Airlines)

සිංගප්පූරු ගුවන් සේවයේ වඩාත් ම කැපී පෙනෙන economy පන්තියේ වාසියක් වන්නේ සරල ම දෙයකි: ඒ, පුළුල් ආසනයි. එහි බෝයිං 777-300ER ගුවන් යානාවල, economy පන්තිය පේළියකට ආසන 9ක් ලෙස 3-3-3 ක්‍රමයට සකසා ඇත;

එම යානය ම භාවිත කරන බොහෝ ගුවන් සමාගම් ඒ වෙනුවට පේළියකට ආසන 10ක් යොදා තිබේ.

"එය සෑම මගියෙකුට ම ලැබෙන අමතර ඉඩක්," ලෙෆ් පවසන අතර, මගීන් පැය ගණනාවක් ගත වන ගුවන් ගමන්වලදී අත් තබා ගැනීමට ප්‍රමාණවත් නැති ආධාරක බෙදා ගන්නා අතර, මෙහි ආසන අතර ඉඩකඩ වැඩි හෙයින් දීර්ඝ ගුවන් ගමන්වලදී උරහිස් සහ ඉණ ප්‍රදේශවලට මෙම වෙනස විශේෂයෙන් ම කැපී පෙනෙන බව ඔහු වැඩිදුරටත් පවසයි.

නමුත් සිංගප්පූරු ගුවන් සමාගමට පළමු ස්ථානය හිමිව ඇත්තේ, පුළුල් ආසනය සඳහා පමණක් ම නොවේ. එම ගුවන් සේවය පිරිමැසුම්දායක පන්තියේ ආහාර සැපයීම සඳහා ද ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත. ගුවන් නියමුවෙකු, ගුවන් සේවා ක්ෂේත්‍රයේ විචාරකයෙකු සහ ඔස්ට්‍රේලියාවේ Aero ක්ලබ් රාජකීය සම්මේලනයේ සභාපතිවරයා ද වන ලැක්ලාන් හයිඩ්, හිස තබා ගැනීමට සකසා ඇති ආධාරකය, ක්‍රිස්වර්ල්ඩ් විනෝදාස්වාද පද්ධතිය සහ නිරන්තරයෙන් ම ඉතා උසස් මට්ටමක පවතින සේවාව ඔහු 'සම්පූර්ණ පැකේජය' ලෙස හඳුන්වන කොටස ලෙස සඳහන් කරයි.

කුඩා සැලසුම් ද වැදගත් වේ. ආහාර ගන්නා අතරතුර හෝ මගීන් ලැප්ටොප් පරිගණකයක් හෝ දුරකතනයක් භාවිත කරන විට ට්‍රේ-ටේබල් ඉඩ නිදහස් කර දෙන, පාද තබන කොටස සහ කෝප්ප රඳවනය ඇතුළු විශේෂාංග පිළිබඳව ලෙෆ් පෙන්වා දෙයි.

2. කැතේ පැසිෆික් (Cathay Pacific)

කැතේ පැසිෆික් ගුවන් සේවය දෙවන ස්ථානය හිමි කර ගැනීම තුළින්, එහි economy පන්තියේ අත්දැකීම්වල ශක්තිය පිළිඹිබු කරයි. එය economy පන්තියේ ආසන සඳහා සිව් වන ස්ථානයටත්, economy පන්තියේ ආහාරපාන සඳහා තෙවන ස්ථානය සහ ගුවන් යානය තුළදී සපයන විනෝදාස්වාදය සඳහා තෙවන ස්ථානයටත් පත්ව ඇති අතර 2026 වසරේ හොඳ ම ගුවන් කාර්ය මණ්ඩලය සඳහා ලොව හොඳ ම ගුවන් සේවය ලෙස ද ස්කයිට්‍රැක්ස් එම ගුවන් සේවය නම් කර ඇත.

ආසනයක පළල හෝ තිරයක ප්‍රමාණයට වඩා හොඳ ගුවන් මැදිරි සේවාවක් මැන බැලීම අපහසු නමුත් දීර්ඝ ගුවන් ගමනක් අතරතුර එය වැඩිපුර කැපී පෙනීමට හැකියාව පවතී. ''ස්වයංව පටවා ගන්නා භාණ්ඩයකට වඩා පුද්ගලයෙකුට සහ පාරිභෝගිකයෙකුට මෙන් සැලකීමෙන්, economy පන්තියේ ගුවන් ගමන් පැහැදිලිව හඳුනා ගත හැකි යි," ලෙෆ් පවසයි.

ඔහු වැසිකිළි නඩත්තුව වැනි සාමාන්‍ය දෙයක් පෙන්වා දෙයි. වැඩි අවධානයකින් යුතු කාර්ය මණ්ඩලයක් සිටින ගුවන් සේවාවල, දීර්ඝ ගුවන් ගමනක් පුරා ම මගීන්ට භාවිත කළ හැකි පහසුකම් සොයා ගත හැකි බව ඔහු පවසයි.

හයිඩ් පවසන පරිදි, කැතේ පැසිෆික් ගුවන් සේවයේ වඩාත් කැපී පෙනෙන වෙනස්කම්වලින් එකක් වන්නේ මගීන් ඔවුන්ගේ ආසනවලදී භාවිත කරන තාක්ෂණය සඳහා ඔවුන් සිදු කර ඇති ආයෝජනය යි. ''නවතම/අලුත්වැඩියා කරන ලද ගුවන් යානාවල, economy පන්තිය 4K තිර, බ්ලූටූත් සහ වැඩිදියුණු කළ ගබඩා පහසුකම් වැනි විශේෂාංග ඇතුළත් වන අතර විශේෂයෙන් ම ගුණාත්මක විනෝදාස්වාද පහසුකම් ද ලබා දෙන බව ඔහු පවසයි.

3. කටාර් එයාර්වේස් (Qatar Airways)

සමස්ත ලකුණු අනුව කටාර් එයාර්වේස් තෙවන ස්ථානයට පත්ව ඇති නමුත් ස්කයිට්‍රැක්ස්හි හොඳ ම economy පන්තියේ ආසන සඳහා වූ ශ්‍රේණිගත කිරීමකදී 6 වන ස්ථානයට පත්ව ඇති අතර, එය වඩා හොඳ economy පන්තියේ ගුවන් ගමනකට වැඩි ඉඩකඩක් තිබීම අත්‍යවශ්‍ය නොවන බවට සාක්ෂියකි. කටාර් ගුවන් සේවය සඳහා, වාසිය වන්නේ අවකාශය අඩු වීම සහ මගීන්ට ඔවුන්ගේ ගුවන් ගමන් කාලය අතරතුර සිදු කළ හැකි ක්‍රියාකාරකම් ය.

එක් උදාහරණයක් වන්නේ ඉන්ටර්නෙට් සම්බන්ධතාව යි. කටාර් එයාර්වේස් ගුවන් සමාගම Boeing 777, Airbus A350 සහ Boeing 787 ඇතුළුව එහි පුළුල් ගුවන් යානා සමූහය තුළ Starlink පහසුකම ලබා දී තිබේ. එම උපාංගවලින් සමන්විත ගුවන් යානාවල, මෙම පද්ධතිය පැරණි පරම්පරාවල ගුවන් යානාවල පැවති Wi-Fi පහසුකම්වලට වඩා වේගවත් ඉන්ටර්නෙට් පිවිසීම්, වීඩියෝ නැරඹුම් සහ වීඩියෝ ඇමතුම් සඳහා පහසුකම් සපයයි.

''ගුවන් යානය තුළ වැදගත් අවශ්‍යතා වෙනුවෙන් ආයෝජනය කිරීම, economy පන්තියේදී වැදගත් වෙනවා," ලෙෆ් පවසයි. "බොහෝ ගුවන් සමාගම් පෘථිවි කක්ෂයට ආසන්නව ක්‍රියාත්මක වන චන්ද්‍රිකා Wi-Fi සේවාවන් තෝරා ගන්නා අතර එය විශේෂයෙන් ම economy පන්තියේ ගුවන් මගීන්ට ඉන්ටර්නෙට් සම්බන්ධතා පවත්වා ගැනීමේදී විශාල වෙනසක් ලබා දෙනවා.''

මගීන්ට, එය දිගු ගුවන් ගමනක් අත්විඳින ආකාරය වෙනස් කරයි. Starlink සේවාව ලබාගත හැකි අවස්ථාවලදී, බාගත කර ගත් අන්තර්ගතයන් හෝ ආසනයේ පිටුපස ඇති විනෝදාස්වාද පද්ධතිය මත සම්පූර්ණයෙන් ම රඳා නොසිට, පණිවිඩ හුවමාරු සේවා, වැඩ කටයුතු හෝ සජීවී වීඩියෝ දර්ශන සමග අඛණ්ඩව සම්බන්ධ වී සිටීමට සංචාරකයන්ට අවස්ථාව හිමිවේ.

4. EVA ගුවන් සේවය (EVA Air)

EVA ගුවන් සේවය සමස්තයක් ලෙස සිව් වන ස්ථානයේ පසුවන අතර, හයිඩ් පෙන්වා දෙන්නේ එහි ආසන ගුවන් සමාගමේ ප්‍රබලතාවලින් එකක් ලෙස ය.

"EVA Air යනු එක ප්‍රධාන විශේෂාංගයකින් පමණක් කැපී පෙනෙන ගුවන් සමාගමක් නොව, මගී සුවපහසුව පිළිබඳ සිතාබලා සැලසුම් කළ අත්දැකීමක් ලබා දෙන සමාගමක්," යැයි ඔහු පවසයි. තායිවාන ගුවන් සේවය වන EVA Air දිගු ගුවන් ගමන්වලදී ශරීරයට වැඩි සුවපහසුවක් ලබා දීම සඳහා සකස් කළ හැකි හිස ආධාරක (adjustable headrests) සහ ශරීර හැඩයට ගැළපෙන (ergonomic) ආසන භාවිත කරයි.

ඊවා ගුවන් සේවයේ ආහාර පාන තවත් කැපී පෙනෙන ලක්ෂණයකි. එහි economy පන්තියේ මෙනූවලට නිරන්තරයෙන් තායිවාන සහ අනෙකුත් ආසියානු කෑම වර්ග ඇතුළත් වන අතර, එම ගුවන් සේවය ස්කයිට්‍රැක්සිහි economy පන්තියේ ආහාර සැපයීමේ ශ්‍රේණිගත කිරීම්වලදී දෙවැනි වන්නේ සිංගප්පූරු ගුවන් සේවයට පමණි.

5. ඕල් නිපෝන් ගුවන් සේවය (All Nippon Airways)

ඕල් නිපෝන් ගුවන් සේවයේ economy පන්තියේ ගුවන් යානාවල පැහැදිලි ම විශේෂාංගයක් වන්නේ, පාද තබා ගැනීමට ඇති ඉඩකඩයි. දිගු දුර ගුවන් ගමන්වල යෙදෙන economy පන්තියේ ගුවන් යානාවල ආසන අතර පවතින අඟල් 31 සිට 32 දක්වා සාමාන්‍ය පරතරය හා සසඳන විට මෙම ගුවන් සමාගමේ Boeing 787-9 යානා කිහිපයක ආසන අතර පරතරය අඟල් 34ක් දක්වා විහිදෙයි.

සංචාරකයින්ට, එයින් අදහස් විය හැක්කේ දණහිස දෙපස වැඩි ඉඩක් සහ ඉදිරිපස අසුන පිටුපසට නැමූ විට චලනය වීමට පවතින වැඩි ඉඩකි. ඕල් නිපෝන් ගුවන් සේවය ඇතැම් 787-9 ගුවන් යානාවල පාද ආධාරක, සකස් කළ හැකි හිස රඳවන ආධාරක, විශාල විනෝදාස්වාද තිර, USB-C ආරෝපණය සහ බ්ලූටූත් ශ්‍රව්‍ය පහසුකම් ද ඇතුළත් වේ.

වැදගත් අවවාදයක් ඇත: ඕල් නිපෝන් ගුවන් සේවයේ economy පන්තිය ගුවන් යානා අනුව වෙනස් වේ. ඇතැම් බෝයිං 787-8 ආකෘතියේ ගුවන් යානා අඩු පරතරයක් ලබා දෙයි, එබැවින් පාද තබා ගැනීමට පවතින ඉඩකඩ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන සංචාරකයින් ගුවන් යානයේ ආසන වෙන් කරවා ගැනීමට පෙර ගුවන් යානය සහ ආසන සැකසුම පරීක්ෂා කළ යුතු ය.

ස්කයිට්‍රැක්ස්හි පිරිමැසුම් පන්තියේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් ම සිටින ගුවන් සමාගම් අතර පුළුල් රටාව ශක්තිමත් කරමින් ඕල් නිපෝන් ගුවන් සේවය economy පන්තියේ ආසන සඳහා පස් වන ස්ථානය සහ ආහාර සැපයීම සඳහා හත් වන ස්ථානය ද හිමිකර ගෙන ඇත: ඊට බලපා ඇත්තේ, කැපී පෙනෙන විශේෂාංගවලට වඩා අත්දැකීමේ විවිධ අංශ හරහා දක්වන ප්‍රබල ක්‍රියාකාරීත්වය යි.

හයිඩ් පවසන්නේ, එය "economy පන්තිය ජය ගන්නේ ස්ථාවරත්වය තුළින්. ආසනය සැපපහසු විය යුතු යි. සැලකිලිමත් සේවාවක් තිබිය යුතු යි. වටිනාකමට සරිලන ආහාර සහ මගීන්ට ඔවුන් economy පන්තියේ වාඩි වී සිටින බව සිතමින් පැය 10ක් ගත කිරීමට සිදු නොවන තරමට විනෝදාස්වාදය හොඳ විය යුතු යි.''