BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් බළකොටු බිඳ වැටෙයි: ඩිමොක්රටික් පක්ෂයට ඓතිහාසික ජයක්
ඇමෙරිකානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ඩිමොක්රටික් පක්ෂය විශාල ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ. දශක ගණනාවක් තිස්සේ රිපබ්ලිකන් පක්ෂයේ බලකොටු ලෙස පැවති ප්‍රාන්තවල සෙනෙට් ආසන රැසක් ජයග්‍රහණය කිරීමට ඩිමොක්රටික් අපේක්ෂකයෝ සමත් වූහ. විශේෂයෙන්ම කෙන්සාස් ප්‍රාන්තය වසර සියයකට ආසන්න කාලයකට පසු ඔවුන් ජයග්‍රහණය කළේය.
ඇමෙරිකාවේ පළමු මුස්ලිම් සෙනෙට් සභිකයා වීමට නියමිත අබ්දුල් එල්-සයෙඩ් කවුද?
ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේදී, ඩිමොක්රටික් පක්ෂය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධූර කාලයේ ඉතිරි කාලය සඳහා කොංග්‍රසයේ පාලනය හිමි කරගෙන තිබේ. එහෙත්, වෙනත් හේතුවක් නිසා ද මෙම මැතිවරණය ඉතිහාසගත විය හැකිය. මිචිගන් ප්‍රාන්තයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක අබ්දුල් එල්-සයෙඩ්, ඇමෙරිකාවේ පළමු මුස්ලිම් සෙනෙට් සභිකයා බවට පත්වනු ඇතැයි මේ වන විට අනාවැකි පළ වී තිබේ.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි: අධිකරණයේදී හෙළිවූ කරුණු මොනවා ද?
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම අද (නොවැම්බර් 04වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය. අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 26කි.
සුපිරි වෙළෙඳසල්වල ශීතකරණ හැකර්කරුවන් ග්‍රහණයට ගත්තේ කෙසේ ද?: තාක්ෂණික උපකරණවල ආරක්ෂාවට කුමක් වෙයි ද?
යුරෝපය පුරා සුපිරි වෙළෙඳසල් රැසක ශීතකරණ සහ අධිශීතකරණවලට එල්ල වූ බවට සැක කෙරෙන සයිබර් ප්‍රහාරයක් සමග කාර්මික යන්ත්‍රෝපකරණවල සිට නිවෙස්වල භාවිත කරන සාමාන්‍ය විදුලි උපකරණ දක්වා ඉන්ටර්නෙට් සමග සම්බන්ධ උපාංගවල ආරක්ෂාව පිළිබඳව කණස්සල්ලක් මතු වී තිබේ.
බෝගම්බර බන්ධනාගාරයේ වෙඩි තැබීම: 'වැරැද්දක් කළා නම් දඬුවම් දෙන්න ඕනෙ අධිකරණයෙන් නේද?'
තම සැමියා වැරැද්දක් කළේ නම් ඊට දඬුවම් දිය යුත්තේ අධිකරණය හරහා නොවේ දැයි බෝගම්බර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් මිය ගිය කුෂාන් නවෝද්‍ය ජයසිංහගේ බිරිඳ ප්‍රශ්න කරයි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රකාශක සේනක පල්ලෙතැන්න පැවසුවේ, බන්ධනාගාර නිලධාරියෙකුගේ ගිනි අවිය ද උදුරාගෙන, බන්ධනාගාරයෙන් පළා යාමට උත්සහ කිරීමේදී ඔහුට වෙඩි තැබූ බව ය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම: සංඛ්‍යා දත්ත ඇසුරෙන්
කාලයත් සමග වන වැස්ම අඩු වීම, කැලෑ එළි කිරීම් නිසා සතුන්ගේ නිජ භූමි අහිමි වීම සහ ඒවායේ වගා කටයුතු සිදු කිරීම, අවිධිමත් සංවර්ධන කටයුතු, මෙම සතුන් ජීවත් වන ප්‍රදේශ ආශ්‍රිතව මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදි කිරීම වැනි විවිධ හේතු මෙම අලි මිනිස් ගැටුම ඉහළ යාමට බලපා තිබේ.
Elephant X: සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ශ්‍රී ලංකාවේ අලියා
2025 පෙබරවාරි 19 වන දා රාත්‍රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙක් මිය ගියහ. නැවත මෙවැනි සිදුවීම් සිදුවීම් ඇති නොවීමට අදාළව ගත යුතු පියවර ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් 'X' නැමති අලියෙකු අදාළ පෙත්සමේ දෙවන පෙත්සම්කරු බවට පත්කර තිබේ.
ශ්‍රී ලංකා ආර්ථිකය වැදගත් කඩඉමක් පසුකරයි: මීළඟ පිබිදීමට ලෝක බැංකුව කර ඇති යෝජනා මොනවා ද?
ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින්, සුවිශේෂී කඩඉමකට පැමිණ ඇතැයි, ලෝක බැංකුව පවසයි. ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව, මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) මෙම වසරේදී 4.4% කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙය මීට පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යාමකි.
සිර දඬුවම් ලැබූ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ ඇයි? විවිධ රැඳවියන්ට හිමි ඇඳුම් මොනවා ද?
අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව ඔක්තෝබර් 05 වන දා සිරගත කළ එහිමියන් ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් සඳහා අද (ඔක්: 06) යළිත් අධිකරණය වෙත රැගෙන එන ලදී. සිර දඬුවම් ලබන ඥානසාර හිමි සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී අධිකරණය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.
ශ්‍රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් 'තවමත් බය' ඇයි? ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙළි කරන හේතු
2025 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1කට ආසන්න ප්‍රමාණයක් වන අතර මෙය නැගී එන ආර්ථික තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සියයට 3 සිට 4 දක්වා මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අවම අගයක් ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකාව සඳහා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.



















































