BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
2025-2026 වත්කම් හා බැරකම් ප්‍රකාශ: ජනපති, අගමැති, කතානායක, විපක්ෂ නායකගේ වත්කම්වල වෙනස් වී ඇත්තේ මොනවා ද?
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත අනුව, ජනාධිපතිවරයා ඇතුළු වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු පුද්ගලයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනතාවගේ දැනගැනීම සඳහා මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළ කර තිබේ.
ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණය: රිපබ්ලිකන් පක්ෂය දරුණු පරාජයක් ලැබීමට බලපෑ හේතු 5ක්
ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කරමින් කොංග්‍රසයේ පාලනය සියතට ගෙන තිබේ. මෙම මැතිවරණයේදී වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වසර දෙකක පාලන කාලය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස සැලකේ. කෝපයට පත් ඡන්දදායකයින්ගේ සිට ජනප්‍රියත්වය ගිලිහුණු ජනාධිපතිවරයෙකු දක්වා, රිපබ්ලිකන් පක්ෂයට මෙතරම් ආසන සංඛ්‍යාවක් අහිමි වීමට බලපෑ හේතු 5ක් මෙහි පැහැදිලි කෙරේ.
ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය ලෝකයට බලපාන්නේ කෙසේ ද?
මෙම ප්‍රතිඵලය ඇමෙරිකානු දේශපාලන භූමිකාවේ විශාල වෙනසක් සනිටුහන් කරන අතර, එය ජනාධිපතිවරයා මුහුණ දුන් දැඩි දේශපාලන පසුබෑමක් ලෙස සැලකේ. ඉරානය සමග පැවති යුද්ධය සහ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් රිපබ්ලිකන් පක්ෂයේ බොහෝ අපේක්ෂකයින් පරාජයට පත්වූ බව ට්‍රම්ප් පිළිගෙන තිබේ. ඇමෙරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් ද, "අපි පැරදුණේ යුද්ධය නිසා," යැයි පවසා ඇත.
ඉරාන යුද්ධය මැතිවරණ පරාජයට හේතු වූ බව කියමින් ට්‍රම්ප්ට වෑන්ස්ගෙන් දැඩි විවේචනයක්
ඉරාන යුද්ධය හේතුවෙන් සිය පක්ෂය මධ්‍යවාර මැතිවරණයෙන් පරාජයට පත් වූ බවට ඍජුව ම චෝදනා කරමින් උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් බදාදා වොෂින්ටනයේ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළේ ය. එය 2028 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් පවතින පසුබිමක, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දුරස් වීමට ඔහු ගත් උත්සහයක් ලෙස පුළුල් ලෙස අර්ථකථනය කෙරිණි.
ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් බළකොටු බිඳ වැටෙයි: ඩිමොක්‍රටික් පක්ෂයට ඓතිහාසික ජයක්
ඇමෙරිකානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ඩිමොක්‍රටික් පක්ෂය විශාල ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ. දශක ගණනාවක් තිස්සේ රිපබ්ලිකන් පක්ෂයේ බලකොටු ලෙස පැවති ප්‍රාන්තවල සෙනෙට් ආසන රැසක් ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටික් අපේක්ෂකයෝ සමත් වූහ. විශේෂයෙන්ම කෙන්සාස් ප්‍රාන්තය වසර සියයකට ආසන්න කාලයකට පසු ඔවුන් ජයග්‍රහණය කළේය.
ඇමෙරිකාවේ පළමු මුස්ලිම් සෙනෙට් සභිකයා වීමට නියමිත අබ්දුල් එල්-සයෙඩ් කවුද?
ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේදී, ඩිමොක්‍රටික් පක්ෂය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධූර කාලයේ ඉතිරි කාලය සඳහා කොංග්‍රසයේ පාලනය හිමි කරගෙන තිබේ. එහෙත්, වෙනත් හේතුවක් නිසා ද මෙම මැතිවරණය ඉතිහාසගත විය හැකිය. මිචිගන් ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක අබ්දුල් එල්-සයෙඩ්, ඇමෙරිකාවේ පළමු මුස්ලිම් සෙනෙට් සභිකයා බවට පත්වනු ඇතැයි මේ වන විට අනාවැකි පළ වී තිබේ.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම: සංඛ්‍යා දත්ත ඇසුරෙන්
කාලයත් සමග වන වැස්ම අඩු වීම, කැලෑ එළි කිරීම් නිසා සතුන්ගේ නිජ භූමි අහිමි වීම සහ ඒවායේ වගා කටයුතු සිදු කිරීම, අවිධිමත් සංවර්ධන කටයුතු, මෙම සතුන් ජීවත් වන ප්‍රදේශ ආශ්‍රිතව මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදි කිරීම වැනි විවිධ හේතු මෙම අලි මිනිස් ගැටුම ඉහළ යාමට බලපා තිබේ.
Elephant X: සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගිය ශ්‍රී ලංකාවේ අලියා
2025 පෙබරවාරි 19 වන දා රාත්‍රියේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් අලින් සහ කෙනෙරුන් 6 දෙනෙක් මිය ගියහ. නැවත මෙවැනි සිදුවීම් සිදුවීම් ඇති නොවීමට අදාළව ගත යුතු පියවර ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් 'X' නැමති අලියෙකු අදාළ පෙත්සමේ දෙවන පෙත්සම්කරු බවට පත්කර තිබේ.
ශ්‍රී ලංකා ආර්ථිකය වැදගත් කඩඉමක් පසුකරයි: මීළඟ පිබිදීමට ලෝක බැංකුව කර ඇති යෝජනා මොනවා ද?
ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින්, සුවිශේෂී කඩඉමකට පැමිණ ඇතැයි, ලෝක බැංකුව පවසයි. ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාවට අනුව, මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) මෙම වසරේදී 4.4% කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මෙය මීට පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ යාමකි.
සිර දඬුවම් ලැබූ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කළේ ඇයි? විවිධ රැඳවියන්ට හිමි ඇඳුම් මොනවා ද?
අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් අනුව ඔක්තෝබර් 05 වන දා සිරගත කළ එහිමියන් ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවක් සඳහා අද (ඔක්: 06) යළිත් අධිකරණය වෙත රැගෙන එන ලදී. සිර දඬුවම් ලබන ඥානසාර හිමි සුදු පැහැති අත් දිග කමිසයකින් සහ සුදු සරමකින් සැරසී අධිකරණය වෙත රැගෙන එනු දක්නට ලැබිණි.
ශ්‍රී ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් 'තවමත් බය' ඇයි? ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙළි කරන හේතු
2025 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06ක් වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 1කට ආසන්න ප්‍රමාණයක් වන අතර මෙය නැගී එන ආර්ථික තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සියයට 3 සිට 4 දක්වා මට්ටමට වඩා සැලකිය යුතු ලෙස අවම අගයක් ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකාව සඳහා ආයෝජන වාතාවරණය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇත.




















































