චීන ඔත්තු කාරියක්, තවත් අනියම් සම්බන්ධයක් සහ Nvidia ප්‍රධානියාගේ ඉල්ලා අස්වීම

වීඩියෝ ශීර්ෂ වැකිය,
චීන ඔත්තු කාරියක්, තවත් අනියම් සම්බන්ධයක් සහ Nvidia ප්‍රධානියාගේ ඉල්ලා අස්වීම
Published

තායිවානයේ උපත ලැබූ හුවාංට එරට ජනතාව දක්වන දැඩි ආදරය නිසා ම "Jensenity" යන වචනය පවා නිර්මාණය වී තිබේ.

1993 වසරේදී Nvidia සමාගමේ සම-ආරම්භකයා වූ ඔහු, වසර 30කට වැඩි කාලයක් එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි.

අද වන විට එම සමාගමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.5ක් පමණ වෙයි.

මුලින් පරිගණක ක්‍රීඩා සඳහා ග්‍රැෆික් චිප්ස් නිෂ්පාදනය කළ Nvidia සමාගම, අද වන විට ලෝකයේ AI කර්මාන්තයේ ප්‍රධානතම සමාගමක් බවට පත්ව ඇත.

ChatGPT සහ Claude වැනි කෘත්‍රිම බුද්ධි පද්ධති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිගණක සැකසුම් බලය ලබාදීමේදී Nvidia චිප්ස් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.