පැයක වැස්සෙන් කොළඹ යට වෙන්නේ ඇයි?
- Author, සම්පත් දිසානායක
- Role, බීබීසී සිංහල
- Published
පැයක පමණ අධික වර්ෂාපතනයකින් පවා කොළඹ නගරයේ ස්ථාන ගණනාවක් ක්ෂණිකව ජලයෙන් යටවීම මේ වන විට ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබේ. මෑතකදී ඇදහැළුණු වර්ෂාවත් සමඟ කොළඹ ගුණසිංහපුර සහ නොරිස් කැනල් මාර්ගය ඇතුළු ප්‍රදේශ රැසක් මෙලෙස ජලයෙන් යටවිය.
මේ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ නිරීක්ෂණ චාරිකාවකදී අනාවරණය වූයේ, නගරයේ කාණු පද්ධතියේ ධාරිතාව ප්‍රමාණවත් නොවීම, ඇළ මාර්ගවල කසළ සිරවී අවහිර වීම සහ තැන තැන අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි. මීට අමතරව, කොළඹ නගරයේ කසළ ගැටලුව විසඳීමේදී කොළඹ මහ නගර සභාව යන්ත්‍රෝපකරණ හිඟයකට ද මුහුණ දී සිටින බවද අනාවරණය විය.
කෙසේ වෙතත්, කොළඹ නගරයේ ඇතිවන මෙම ජල ගැලීම් තත්ත්වයන් වැළැක්වීම සඳහා රජය විසින් සැලසුම් රැසක් සකස් කර තිබේ. ජනාධිපතිවරයා 2027 වසර සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එම සැලසුම් පිළිබඳව පැහැදිලි කළේය.









