එක්නැලිගොඩ නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන්නැයි කළ ඉල්ලීමට අධිකරණය දුන් නියෝගය

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | SANDYA PRIYANGANI EKNELIGODA
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේදී, විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
අද (නොවැ: 06) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, ඉදිරියේදී විත්තිවාචක ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට නියෝග කළේය.
මෙම නඩුවට අදාළව පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම අවසන් වීමෙන් අනතුරුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරු අද (නොවැ: 06) දහවල් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඉන් අනතුරුව, සිය නියෝගය ප්‍රකාශයට පත් කළ නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව, විත්තියේ සාක්ෂි ලබන 12 වැනිදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට නියෝග කර සිටියේ ය.






























